Welcome to visit us

.

Monday, March 23, 2015

24 TV Series full pack - Direct daunload

24 කතා මාලාව මම මුලින්ම බැලුවේ සිරස රූපවාහිනී නාලිකාවේ යනකොටයි.
මුල් අදියරේ ඉඳන්ම බොහොම ආශාවෙන් සතියකට සැරයක් මේකට වහ වැටිලා බලාගෙන හිටපු එක අකමැත්තෙන් නතර කරන්න සිද්ධ වුණේ එක පාරම මේ කතා මාලාව MTV නාලිකාවට ගෙනිච්චහමයි.
අපි උන්නෙ එච්චරම වන්නියක නොවුණත් බට දෙකක් පුරුද්දලා හදල තිබ්බ අපේ V අකුරේ ඇන්ටනාවට (ඒ කාලේ ඉතින් අපි කිව්වෙ එහෙමයි) MTV පැහැදිලිව ඒ කාලේ පෙනුන් නෑ.
ඉතින් මහරාජා සංවිධානයේ හත්මුතු පරම්පරාව මතක් කරමින් ඒ කාලේ ඒකට සමුදීලා ඒ හිඩැස පිරිමහ ගත්තෙ පස්සෙන් පහු අන්තර්ජාලයේ පිහිටෙන් තමයි




කොහොමහරි මේ පස්වෙනි අදියර මතකයේ සෑහෙන හොඳින් සටහන් වෙච්ච එකක්.
ඒකට හේතුව වුණේ මම බොහොම ආශාකරපු චරිත 2-3 ක් ම මේ කතාමාලාවෙදි අයින් කරලා දාන්න අධ්‍යක්ෂකවරුන් තීරණය කරපු නිසයි.
ඒ වගේම මේ කතා සමය හෙවත් පස්වැනි දිනය වඩාම පැසසුමට ලක්වෙච්ච කතා සමය ලෙස සැලකෙනවා. කතා මාලාවේ ඉහළම ශ්‍රේණීගත කිරීමක් ලබමින් එමි සම්මාන 12 කට නිර්දේශ වී ඉන් නාට්‍ය අංශයේ හොඳම කතා මාලාවට හිමි සම්මානය ඇතුළු සම්මාන පහක් දිනාගන්න එය සමත්වුණා. එහෙනම් වෙන කතා නවත්වලා දැන් හැරෙමු කතාව දිහාට..

අර කවුදෝ කියන්නා වගේ ජැක් බවර් කියන්නෙ අමුතු හාදයෙක්. ඇමරිකාවට එල්ල වෙන ඕනම තස්ත්‍රවාදී තර්ජනයක් හෝ තර්ජන මාලාවකින් ඇමරිකාව ගලවගන්න මිනිහට යන්නෙ හරියටම පැය 24 යි. හැබැයි නමවෙනි එකේදී නම් එංගලන්තෙ සිද්ධ වෙච්ච හින්දද මන්දා ගියේ පැය 12 යි. ඔය පැය 24 ඇතුලේ මිනිහා රට වෙනුවෙන් නොකරන ඉලව්වක් නෑ. මැරුම් කාලා හරි මිනිහා වැඩේ ගොඩ දානවා.
සමහර වෙලාවට හොඳ කරන්න ගිහින් මෙයා රටේ සතුරෙක් වෙන වෙලාවලුත් තියෙනවා නොවැ. හැබැයි කොහොමින් කොහොම හරි අපිට නම් එතරම්ම මිනිහගේ ප්‍රශ්න කරන ක්‍රම නම් නුහුරු නෑ.
මොකද අර අහවල් සාගරේ අහවල් අමුතු රටේ පොලිසියත් ඔයිට හපන් ක්‍රමලුනේ අනුගමනය කරන්නේ. ඊට පස්සෙ ඉතින් හැංගි මුත්තං වගේම පීනන්නත් උගන්නවනලුනේ. එහෙම ගත්තහම මේ හාදයා එච්චරම දරුණුත් නැද්ද මන්දා. ඉතින් අද ඉඳන් මම මිනිහට කියන්නෙ “දවසේ හාදයා” කියලයි ඔන්න.

ඇමරිකාවට මේ වගේ බුවාලා තුන් දෙනෙක් උන්න නම් හෙම ඔන්න බලන්න තිබ්බා අර අර්බුද මේ අර්බුද විසඳන හැටි.
අර චීන තානාපති කාර්යාලයේ නටපු නාඩගම අතේ පත්තු වෙලා චීන්නු දවසේ හාදයව එයාලට බාර දෙන්න කියලා තදින්ම ඉල්ලීම් කරනවා. ඉතින් ඒකෙදි වැඩ බලන ලොක්කා විදියට උන්න ලෝගන් එහෙම දෙන්නම තමා හදන්නේ. ඊටත් හපන් එයාගේ ආරක්ෂක ලොක්කා විදියට උන්න “කපටි කමින්ග්ස්” රහස් පිටවෙන එක වළක්වන්න දවසේ හාදයව චීන අත් අඩංගුවෙදි මරන්නත් ගැටේ ගහනවා. ඒත් මේ ඔක්කොම “මයික් ගොයියා” ගෙන් දැනගන්න හිතහොඳ පාමර් ලොක්කා” මේක “දවසේ හාදයට” කියලා සැලැස්මක් ගහනවා දවසේ හාදයගේ ජීවිතේ බේරගන්න. ඒකට අනුව දවසේ හාදය මැරුණ විදියට ගුලිය අඹරලා අලුත්ම ජීවිතයක් වහංවෙලා පටන් ගන්න “දවසේ හාදයා” පිටත් වෙනවා.
හැබැයි මේ රහස දන්නෙ, “හිතහොඳ පාමර් ලොක්කයි”, “කෙසඟ ටෝනියි”, “මිෂෙල් කෙලීයි”, “වලියට බර ක්ලෝවියි” විතරයි. දැන් ඕක වෙලා මාස දහ අටක් නැත්තම් අවුරුදු එකහමාරකට පස්සෙ ඉඳන් තමා අද කතාව පටන් ගන්නේ. එහෙනම් බලන්නකෝ මෙදාපාර “දවසේ හාදයට” ආපහු වැඩ පෙන්වන්න වෙන්නෙ මොකක් හින්දද කියලා.

ඉතින් යාලුවනේ කතාව ටිකක් කෙටියෙන් දැම්මේ....පහත් link වලින් ගිහින් torrent files download කරගන්නකෝ 

 (Download link එක click කර තත්පර 5ක් ‍රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති skip add යන්න click              කරන්න )
24.Season 01 Full pack  - (Size: 2.8 GB)
24.Season 02 Full pack  - (Size: 10.24 GB)
24.Season 03 Full pack  - (Size: 5.25 GB)
24.Season 04 Full pack  - (Size: 8.2 GB)
24.Season 05 Full pack  - (Size: 2.8 GB)
24.Season 06 Full pack  - (Size: 8.14 GB)
24.Season 07 Full pack  - (Size: 4.57 GB)
24.Season 08 Full pack  - (Size: 8.23 GB)
24.Season 09 Full pack  - (Size: 3.29 GB)

ඔයාලා කැමතිනම් මේ දාලා තියෙන link වලින් මේ කතාමාලව බාගෙන බලන්න.එකේ Full pack එක 
53.52 GB වෙනව..


0 comments:

Post a Comment

Free Gift for you

Auctions for free stuff at Listia.com

Official web site